ශ්‍රමණ සංස්කෘතිය සහ ආදී බුදු දහම යන යෙදුම සාමන්‍ය පාඨකයාට නුහුරු විය හැකිය. එහෙත් උසස් අධ්‍යාපනය ක්ෂේත්රයන්හි පැරණිම බුද්ද දේශනාවන්හි පිළිඹිබුවන මුල්බුදුදහමේ ආදී බුදුදහම වශයෙන් වෙන් කෙරෙන බව සඳහන් කළ යුතුය. පසු කාලීන විකාශන සහ විවරණවලට ප්‍රථමයෙන් පාළි ත්‍රිපිටකයෙහි පැරණි කොටස්වල සඳහන් ධර්මය පිරිසිඳු බුද්ධ ධර්මය වශයෙන් සම්භාවනා කල යුතු නිසා මේ වෙන් කිරීම යුක්ති සහගතය.
Add comment